අපගෙන් ලබාගත හැකි පොත් සහ අප ආයතනය ගැන තොරතුරු.

second_arrow
AL කුප්පිය Store

උසස් පෙළ සිසුන් 100% ඉලක්ක කර නිර්මාණය කරන ලද නවීන තාක්ෂණයෙන් ගොඩනංවන ලද අධ්‍යාපන ජාලයක් ලෙස A/L කුප්පිය හඳුන්වා දිය හැකි අතර එහි එක් ප්‍රධාන අංශයක් වනුයේ A/L කුප්පිය Store ය. A/L කුප්පිය Store යනු මාර්ගගත ආකාරයට උසස් පෙළ විෂයානුබද්ධ සියලූම පොත්පත් නිවසටම ගෙන්වාගත හැකි වන සුහුරු පොත් සාප්පුවක් වේ.

අප ආයතනය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, මාස්ටර් ගයිඩ්, පේසුරු ප්‍රකාශන, එම්.ඩී. ගුණසේන, එස්.ගොඩගේ සහ සහෝදරයෝ, Knowledge Bank Publications, පදනම ප්‍රකාශන, සතර ප්‍රකාශන, විදුදැය ප්‍රකාශන, My Tutor, වාසනා ප්‍රකාශන, සරසවි ප්‍රකාශන, Exam guide publishers, Exam master Publications, Biographic Educational Publications ආදී ආයතන බොහොමයක බලයලත් අලෙවි නියෝජිත ආයතනයක් වේ. A/L කුප්පිය Store ඔස්සේ මහාචාර්ය පී. ගීකියනගේ, මහාචාර්ය S.R.D රෝසා, මහාචාර්ය ඊ. දයාරත්න, මහාචාර්ය ඩැනී අතපත්තු, මහාචාර්ය ජගත් බණ්ඩාරනායක ආදී ඉතා ජනප්‍රිය කතෘන්ගේ විශේෂ උසස් පෙළ පොත්පත්ද ඇනවුම් කිරීමේ හැකියාව ඇත.

දැනට උසස් පෙළ හදාරණ සිසුන්හට අත්‍යවශ්‍ය වන විරල පොත්පත් 1000ක් පමණ අන්තර්ගත වන අප වෙබ් අඩවිය, උසස් පෙළ හදාරණ ලාංකේය සිසු දරු දැරියන් සඳහාම වෙන්වූ එකම සහ දැවැන්තම Online පොත් වෙළෙද සැල වේ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ ඕනෑම මාධ්‍යකින් උසස් පෙළ හදාරණ ඔබට අවශ්‍ය ඕනෑම විෂයානුබද්ධ පොතක් අපගේ AL කුප්පිය Store වෙබ් අඩවියට පිවිස දිනක් - දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත. ඔබ සිදුකළ යුතු වන්නේ ඔබගේ ඇනවුම online ක්‍රමයට හෝ Whatsapp මගින් හෝ අපගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අප වෙත එවීම පමණි. ඇනවුම් සඳහා වන ගෙවීමේදී කිරීමේදී ඔබට පහසු ක්‍රමවේද භාවිත කිරීමටද අවස්ථාව ලබා දී ඇත. ඔබට online ක්‍රමවේදයට හෝ බැංකු තැම්පතු හරහා මුදල් ගෙවීම සිදුකළ හැකි වන අතර, එසේත් සිදුකිරීමට අපහසුනම් Cash on delivery ලෙස නිවසට ආ විගස මුදල් ගෙවීම් සිදුකළ හැක.

මේ වන විට උසස් පෙළ සිසුන් දස දහස් ගණනකගේ ඇනවුම් සපුරා ඇති අප ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය සපයා දීමට ඉතාමත් සතුටින් සැදී පැහැදී සිටින්නෙමු.