අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා (Real Number System and Complex Numbers) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka. තාත්ත්වික සංඛ්‍යා පද්ධතියෙන් ආරම්භ වී අතාත්ත්වික සංඛ්‍යා ඇතුළත් සංකීර්ණ සංඛ්‍යා වලට පිවිසීම තුළින් භෞතික ලෝකය ඉක්මවා යන, අපට දැකිය නොහැකි, අතාත්ත්වික ලොවක් ඇති බව සාක්සාත් කර ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු කිරීමේ බලාපොරොත්තුව මත කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම පොතෙහි ඉදිරිපත් කර තිබෙන ගණිත සංකල්ප හා ගැටළු විසදීම අතර මනා සබදතාවයක් ඇති අතර ඒවා මනා අවබෝධයකින් යුතුව සමබරව ඉදිරිපත් කර ඇත. එම නිසා උසස් පෙළ කඩඉමෙන් එතෙර වන්නට බලාපොරොත්තු වන සිසුන්ට මෙන්ම, ගණිත විෂය ගැඹුරින් හදාරන්නට කැමැත්තක් දක්වන සිසුන්ට එක සේ මෙම පොත වැදගත් වේ. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 31කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත.  අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 223කින් යුක්ත වේ.


Buy similar products: here

Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690